කුරුවිට බන්ධනාගාරයේ කාන්තා අංශයේ රැඳිවියන් දාහතරකට කොරෝනා ආසාදිත 14දා බව තහවුරු වී ඇති බව සබරගමු පළාත් සෞඛ්‍යසේවා අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසුවේය.
මිට පෙර කුරුවිට බන්ධනාගාරයේ රැඳිවියන් දෙදෙනෙකු ආසාදිත වීමෙන් පසු සෙසු රැඳිවියන් පනස් දෙදෙනෙකුගේ සහ නියාමකවරියන් දෙදෙනෙකුගෙන් ගත් පීසීආර් සාම්පල අතරින් මෙම දාහතර දෙනා හමු වී ඇති බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා පැවසීය.
ආසාදිත රැඳිවියන් පොලොන්නරුව ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයට රැගෙන යාමට නියමිතය.
මේවන විට කුරුවිට බන්ධනාගාරයට ඇතුලුවීමට හෝ ඉන් පිටවීමට කිසිවෙකුටත් අවසර නොදෙන බවද පළාත් සෞඛ්‍යසේවා අධ්යක්ෂවරයා කීවේය. කුරුවිට බන්ධනාගාරයේ නේවාසිකයන් සහ කාර්ය මණ්ඩලය ඒ තුලම නිරෝධායනයට ලක්කර ඇතැයි ද පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා පැවසුවේය.
අජිත්ලාල් ශාන්තඋදය