සිංගප්පූරුවේ සිට නීතිවිරෝධී ලෙස කුරුල්ලන් පිරිසක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ඊයේ දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
මොහු හලාවත , කටුනේරිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .
ඔහු ඊයේ දින රාත්‍රී 9.10 ට සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 309 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , එහි කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " තුළින් ගුවන් තොටුපොළෙන් පිටතට යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු කීපයක ලව් බර්ඩ් වර්ගයේ කුරුල්ලන් 10 දෙනෙකු ද , තවත් ගිරව් විශේෂයකට අයත් කුරුල්ලන් 17 දෙනෙකු ද , වෙන වෙනම කුඩා ප්ලාස්ටික් කුරුළු කූඩ තුළ දමාගෙන මෙරටට ගෙනැවිත් තිබුණි . මෙම කුරුල්ලන් සියලු දෙනාගේ වටිනාකම රුපියල් 6,50,000 ක් බව ගුවන් තොටුපොළ රේගුව පවසයි .
ශ්‍රී ලංකාවේ වනජීවී සහ වෘක්ෂලතා ආඥාපනත යටතේ මෙම කුරුල්ලන් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සදහා මෙම ව්‍යාපාරිකයාට නිසි බලපත්‍ර නොතිබුණු බව රේගුව ප්‍රකාශ කරයි.
මීට අමතරව මෙම කුරුල්ලන් සියලු දෙනා , ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ , සත්ව නීරෝධායන ආයතනයේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ , යළිත් ආපසු සිංගප්පූරුව වෙත ප්‍රතිඅපනයනය කරන ලෙසද නියෝග කර තිබේ .