මීට වසර 19කට පෙර කොරියාවේ තේගු නුවර සිදුවූ සමුහ ස්ත්රී දූෂණයක් සම්බන්ධයෙන් ශ්රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශණයක් ආරම්භ කර තිබේ.
මෙම සිදුවීමට ශ්රී ලාංකිකයන් තිදෙනෙක් සම්බන්ධබවට තොරතුරු වාර්තා වී ඇති අතර ඔවුන් දැනට ශ්රී ලංකාවේ සිටින බවටද තොරතුරු වාර්තා වී තිබේ.
ශ්රී ලාංකික පුරවැසියන් විසින් රටින් පිටතදී කරන ලදැයි සැළකෙන අපරාධයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශණයක් කරනු ලබන ප්රථම අවස්ථාව මෙය වෙයි.
1998 වසරේදී කොරියාතේ තේගු නුවර අධිවේගී මාර්ගයක සිදුවූ අනතුරකින් එවකට අවුරුදු 18ක් වූ කොරියානු තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබුණි.
සිද්ධිය පිළිබඳව කළ විමර්ශනවලදී ඇයගේ යට ඇඳුම් වෙනත් ස්ථානයක තිබියදී සොයාගෙන ඇති අතර යට ඇඳුම්හි ශුක්රාණු කොටස් තැවැරී තිබී ඇති අතර එයින් ඩී.එන්.ඒ. ආකෘතියක් වර්ධනය කරගෙන ඇති අතර එම ඩී.එන්.ඒ. කවරෙකුගේදැයි හඳුනාගෙන නොමැත.
මේ අතර 2010 වසරේදී කොරියාවේ රැකියාවකට ගොස් සිටි ශ්රී ලාංකිකයෙක් වෙනත් බාල වයස්කාර දැරියකට ලිංගික අතරවරකට මුදල ආරාධනා කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වී ඇති අතර ඔහුගේ ලබාගත් ඩී.එන්.ඒ. සාම්පල කලින් අපරාධයේ ඩී.එන්.ඒ. සමග සන්සන්දනය වීම හරහා නැවතත් මේ පිළිබඳව උනන්දුවක් ඇතිව තිබේ. ඒ අනුව කොරියානු රජය රාජත්රාන්තික මට්මකින් කරනු ලැබූ ඉල්ලීමක් අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.