ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කොවිඩ් රෝගින් වෙනුවෙන් වෙන් කරණු ලැබු 36 වාට්වුව ඊයේ (01) රාත්‍රිය වන විට කොවිඩ් රෝගින්ගෙන් පිරියාම නිසා රෝහලේ තවත් වාට්ටු දෙකක් කොවිඩ් රෝගින් වෙනුවෙන් වෙන් කිරිමට කටයුතු කළ බැව් කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය කේ.එච්.ජි.ජිවරත්න මහතා පවසයි.
ඊයේ (01) රාත්‍රිය වන විට කරාපිටිය රෝහලේ 36 වාට්ටුවෙන් කොවිඩ් රෝගින් 55 දෙනෙකු වාර්තා වු බවද වැඩබලන රෝහල් අධ්‍යක්ෂකවරයා පවසයි.
මෙම තත්වය සැලකිල්ලට ගෙන තාවකාලික පියවරක් වශයෙන් කරාපිටිය රෝහලේ 46 හා 25 වාට්ටු කොවිඩ් රෝගින් වෙනුවෙන් වෙන්කිරිමට කටයුතු කළ බවද ඒ මහතා පවසයි. මිට අමතරව අක්මිමන මැලිබන් රෝහලද කොවිඩ් රෝගින් වෙනුවෙන් වෙන් කිරිමට සැලසුම් කොට ඇති බවද වැඩබලන රෝහල් අධ්‍යක්ෂකවරයා පවසයි.
මේ පිළිබද වැඩබලන රෝහල් අධ්‍යක්ෂකවරයා මෙසේද කිවේය.
ඇත්තටම කොරෝනා රෝගින් වැඩි වශයෙන් වාර්තාවිම නිසා යම්කිසි ගැටලුකාරිතත්වයක් ඇතිවෙලා තියෙනවා.කරාපිටිය රෝහලේ ඇතිවි තිබෙන තදබදය අඩුකරගැනිම සදහා රෝහලේ වාට්ටු 02ක් හා අක්මිමන මැලිබන් රෝහල කොවිඩ් රෝගින් වෙනුවෙන් වෙන් කිරිමට කටයුතු කරලා තියෙන්නේ.
අක්මිමන මැලිබන් රෝහලේ ඇදන් 50ක් දමන්න පුළුවන්. මිට අමතරව අසාධ්‍ය වු කොවිඩ් රෝගින් වෙනුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රධාන දැඩි සත්කාර ඒකකය වෙන්කරලා තියෙනවා එම දැඩි සත්කාර ඒකකයේ ඇදන් 07ක් තියෙනවා. නිරෝධායන මධ්‍යස්ථාන කොවිඩ් රෝගින්ගෙන් පිරියාම නිසා තමයි කරාපිටිය රෝහලේ ප්‍රථිකාර ලබන රෝගින් වෙනුවෙන් වෙනම වාට්ටු වෙන්කිරිමට සිදුවුනේ යැයිද වැඩබලන රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සදහන් කළේය.