කරාපිටිය රෝහලේ හෘද රෝග ඒකකයේ නේවාසිකව සිටි කාන්තාවක මියෑමෙන් පසු සිදුකරන ලද පීසීආර් පරීක්ෂණයෙන් ඇය කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇති බැවින් එම ඒකකයේ සේවය කළ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයට කොරෝනා අවදානම් තක්සේරුවක් අද (23) සිදුකර වාට්ටුව සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය කරන බව රෝහල් ප්‍රකාශකයකු කීවේය.
රෝහලේ හෘද රෝග ඒකකය වන 39/40 වාට්ටුවල ප්‍රතිකාර ලබමින් සිටි අළුත්වල පදිංචි 52 හැවිරිදි වියේ පසුවන මෙම කාන්තාව ඊයේ (22) රාත්‍රී මියගොස් ඇති බවත් ඇගේ මරණයෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණ වාර්තාව අද (23) උදෑසන අධිකරණ වෛද්‍ය ඒකකයට ලැබී තිබුණු බවත් කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා පවසයි.
ඥාතීන්ගේ ද සහභාගීත්වයෙන් සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව මරණය ආදාහනය කිරීමට කටයුතු කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.