අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් වසා දමා තිබු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද ශල්‍ය දැඩිසත්කාර ඒකකය හා හෘද ශල්‍යාගාරය ලබන සදුදා වනවිට විවෘත කිරිමට හැකිවෙතැයි කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පවසයි.
හෘද ශල්‍ය දැඩිසත්කාර ඒකකය තුළ අක්‍රිය වි තිබු මධ්‍යම වායු සමිකරණ පද්ධතිය සවි කිරිම සඳහා දැනට මාසයක පමණ කාලයක සිට එම ඒකකය වසා දමා තිබුණි. මෙම වර්ෂයේ ජනවාරි මසයේ මැද භාගයේ දි පමණ හෘද ශල්‍යාගාර තුනේ පොළවේ පළුදු වි තිබු ස්ථාන අලුත්වැඩියා කිරිම සඳහා වසාදමා තිබුණි.
මේ පිළිබද රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතා සඳහන් කළේ,
අමාත්‍යංශයේ අනුමැතිය ඇතිව තමයි හෘද දැඩිසත්කාරක ඒකකයේ වායු සමිකරණ පද්ධතිය සවිකරන්න වසා දැමුවේ. පසුව හෘද ශල්‍යාගාර තුනේ බිමේ පළුදු වි තිබු ස්ථානවල ටයිල් ඇල්ලිමට කටයුතු කළා. දැන් ඒ කටයුතු සියල්ල අවසන් කරලා තියෙන්නේ . ශල්‍යාගාර ජිවානුහරණය කරන්න තියෙනවා. ඒ සඳහා දින තුන හතරක් යනවා. ලබන සදුදා වනවිට හෘද දැඩිසත්කාර ඒකකය හා ශල්‍යාගාර විවෘත කිරිමට හැකිවේවි යැයිද රෝහල් අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.
කෙසේවුවද හෘද ශල්‍ය දැඩි සත්කාරක ඒකකය වසාදමා තිබු කාලයේ දි හදිසි හෘද සැත්කම් පමණක් මෙහි සිදු කරනු ලැබිය. හෘද ශල්‍යාගාර තුනෙන් දෙකක් දැඩිසත්කාරක ඒකක ලෙස භාවිතා කරමින් හෘද සැත්කම් සිදුකරණු ලැබිය. දැනට සති දෙකක පමණ කාලයක සිට හෘද ශල්‍යාගාර තුන අලුත්වැඩියා කටයුතු හේතුවෙන් වසාදමා තිබු නිසා හෘද සැත්කම් නතර වි තිබුණි.