ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත්කොට ඇති කොවිඩ් ආසාදිත පුද්ගලයාගේ මෘත දේහය ඉවත්කරගැනිමට කටයුතු නොකළහොත් හෙට (24දාා) සිට කරාපිටිය ශික්ෂණ රෝහලේ හා කරාපිටිය වෛද්‍ය පිඨයේ අධිකරණ වෛද්‍යවරුන් සිය සේවා කටයුතු වලින් ඉවත්විමට තින්දුකොට ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර මහතා පවසයි.
මේ පිළිබද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට දැනුම් දි ඇති බව පවසන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මාතර රෝහලේ අධිකරණ වෛද්‍යවරු ද මේ සදහා සහභාගිවිමට ඉඩ ඇති බවද පවසයි.