ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ 12 වාට්ටුවේ නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටි රෝගියකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.
මෙකී පුද්ගලයා මානසික අබාධයකින්ද පෙළෙන අතර ඔහු මීට දින 06කට පමණ ඉහතදී කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කළ රොගියෙකි. හුස්ම ගැනිමේ අපහසුතාවය ඇතුළු රෝග ලක්ෂණ හේතුවෙන් ඔහු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයකට ලක්කොට තිබේ.
එහිදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී තිබේ. ඔහුට කොවිඩ් ආසාදනය වූ ආකාරය පිළිබඳව තවමත් හදුනාගෙන නොමැත.
වාට්ටුව විෂබිජහරණය කිරිමට කටයුතු කොට ඇති අතර එහි රෝගීන් 24ක් නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටියි.
වාට්ටුවේ කාර්යමණ්ඩලය රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයට යොමු කිරිමට නියමිතය.