ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්රික්කයේ සියලු දේශපාලන ජනහමු, බල මණ්ඩල රැස්වීම් ඉදිරි සති දෙකක කාලය තුළ අත්හිටුවන ලෙස ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්රික් නායක ප්රසන්න රණතුංග මහතා ගම්පහ දේශපාලන බලධාරීන්ට දැනුම් දි තිබේ.
කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් රට තුළ මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළඹි බව ඇමතිවරයා පැවසීය.
කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් දිවයින පුරා ජනතාව රැස්වන සියලු උත්සව හා රැස්වීම් සති 02 ක කාලයක් සදහා අවලංගු කිරිමට රජය තීරණය කර තිබේ. රජයේ එම තීරණයට අනුව ජනතාවගේ ආරක්ෂාවට ප්රමුඛතාවය ලබා දෙමින් ගම්පහ දිස්ත්රික්කයේ සිය පක්ෂයේ සියලු දේශපාලන රැස්වීම් අවලංගු කිරීමට තීරණය කළ බවත් රණතුංග මහතා පැවසීය.
ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරගත් ගම්පහ දිස්ත්රික්කයේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීම් හා බල මණ්ඩල රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ඒ අනුව සංවිධානය කරන බව ද ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.