2020 අප්‍රේල් මස 25 වන දින කොවිඩ් - 19 ආසාදිතයෙකු වශයෙන් හදුනා ගැනීමෙන් පසුව අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා පුද්ගලයා ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව පූර්ණ සුවය ලබා ඊයේ ( 03) වන දින රෝහලින් මුදා හැරීමට කටයුතු කර ඇත.
මෙම නාවික පුද්ගලයා 2020 අප්‍රේල් මස 22 වන දින සිට නිවාඩු මත සිටියදී 2020 අප්‍රේල් මස 25 වන දින රත්නපුර රෝහල වෙත ඇතුලත් කර පීසීආර් පරීක්ෂණයක් සඳහා යොමු කිරීමෙන් පසු කොඩිව් - 19 ආසාදනය වී ඇති බව හදුනා ගෙන ඇත. පසුව ඔහු ප්‍රතිකාර සඳහා එදිනම අයිඩීඑච් රෝහල වෙත යොමු කරන ලද අතර, අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබා දීමේදී වරින් වර සිදු කල පීසීආර් පරීක්ෂණ තුනක ප්‍රතිඵල අනුව අදාල වෛරසය තවදුරටත් ඔහුගේ සිරුර තුල නොමැති බව තහවුරු වීම නිසා ඊයේ ( 03) වන දින රෝහලින් පිටත් කර හැරීමට කටයුතු කර ඇත.
අදාල නාවික පුද්ගලයා රෝහලින් පිටත්ව ගියද සෞඛ්‍ය උපදෙස් මත තවත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර, ඔහුගේ පවුලේ සමාජිකයින්ද මේ වන විට බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය තුල නිරෝධායන ක්‍රියාවලියකට යොමු කර සිටී.