කොරෝනා වෛරසය (Covid – 19) පැතිරයාම වැළැක්වීමට ජනපති අගමැති නියමයෙන් තීරණ රැසක් ගෙන තිබේ.
- යුරෝපා ජාතිකයන්ට වීසා නිකුත් කිරීම සති දෙකකට නවතී
- යුරෝපයෙන් එන ශ්‍රී ලාංකිකයන්ටත් දින 14 ක නිරෝධායනයක්
- මහජන ප්‍රවාහන සේවා වීෂ බීජ හරණයට පියවර
- වෛරසය පාලනයට චීනය ගත් ක්‍රියා මාර්ග පිළිබඳ අධ්‍යයනයක්
- කෙරෝනා මර්දන කාර්ය සාධක බලකායට ස්ථිර නිවහනක්
- මහජන ඒකරාශිවීම් අවම කිරීමට උපදෙස්
- සේවා සහ අධ්‍යාපනය සඳහා අන්තර්ජාලය භාවිතයට අවධානය
රජය ජනවාරියේ සිට අනුගමනය කළ ක්‍රියාමාර්ග රෝගය රට තුළට පැමිණීම වළක්වා ගැනීමට ඉවහල් විය. වෛරසය පැතිරගිය රටවල් සලකන විට රෝග මර්දනය සඳහා කාර්ය සාධක බලකායක් ස්ථාපනය කළ රටවල් කිහිපය අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටී. එම ප්‍රගතිය තවදුරටත් වර්ධනය කරමින් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීමට සියලු පියවර උපරිමයෙන් ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.
කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සම්බන්ධයෙන් අද (13) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මේ උපදෙස් දෙනු ලැබීය.