වොෂිංටන්, අප්‍රියෙල් 22 (ෂින්හුවා) - නව කොරොන වයිරසය විද්‍යාගාරයක නිපද වූ බවට වන චෝදනා ඇමෙරිකාවෙ බෝවන රෝග පිළිබඳ ඉහළම විශේෂඥයෙක් වන ඇන්තනි ෆවුසි ප්‍රතික්ෂේප කරයි.
මෙම වෛරසය හා වවුලන් අතර ඇති සම්බන්ධය පිළිබඳව ලෝකයේ ඉහළම පරිණාමීය වයිරස් විද්‍යාඥ කණ්ඩායමක් විසින් සලකා බලමින් සිටින බවද ඔහු සඳහන් කළේ ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හවුමකදී.
මෙම වෛරසය සතෙකුගේ සිට මිනිසාට ආසාදනය වන බවට මේ වන මුලිකවම හඳුනාගෙන ඇති බවයි.
නව කොරෝනා වයිරසය චීනයේ විද්‍යාගාරයක නිපදවා ඇති බවට ඇමෙරිකාවේ ඇතැම් දේශපාලඥයින් මෙන්ම සමහර මාධ්‍ය චෝදනා කරන විට එරට ඉහළම බෝවන රෝග පිළිබඳව විශේෂඥවරයෙක් මෙන්ම ධවල මන්දිරයේ කොරේනා කාර්ය සාධක බලකායේ ප්‍රධාන සාමාජිකයෙකුද වන ෆවුසිගේ මෙම ප්‍රකාශය කළේය.
විද්‍යාත්මක සඟරාවක සමාලෝචනයක් පිළිබඳව අදහස් දක්වමින් ෆවුසි සඳහන් කරන්නෙ මෙම වයිරසය විද්‍යාගාර පසුබිමක නිර්මාණය කිරීම හෝ වැඩි දියුණු කිරීම වෙනුවට සතෙකුගෙන් මිනිසෙකු වෙත සම්ප්‍රේෂණය වී ඇති බවයි.
මාර්තු මාසයේදී නේචර් මෙඩිසින් සඟරාව කළ අධ්‍යයනකින් පසුව පර්යේෂකයන් කියා සිටියේ මෙම වයිරසය "කිසිදු ආකාරයක රසායනාගාර පදනම් කරගත් සිද්ධියක් යැයි විශ්වාස නොකරන බවයි."