කොරෝනා වෛරසය අසාදනය වී ඇතැයි තහවුරු වූ වැලිසර නාවික හමුදා කඳවුරේ රණවිරුවකු නිවාඩු ලබා නිවසට පැමිණෙමින් සිටියදී ඔහු තේ පානය කල බව කියන ඇල්පිටිය නගරයේ පිහිටි හෝටලයක් වසා දැමීමට පියවර ගත් බව ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
කොරෝනා වෛරසය වැළදී අතැයි තහවුරු වූ මෙම රණවිරුවා පිටිගල පෝද්දිවෙල ප්‍රදේශයේ අයෙකි .
ඔහු ඉකුත්දා නිවාඩු ලබා සිය නිවසට පැමිණෙමින් සිටියදී ඇල්පිටිය නගරයේ පිහිටි හෝටලයකට ගොස් රොටි කා තේ පානය කළ බව පවසා ඇත . ඒ අනුව ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් එම හෝටලය වසා දැමීමට කටයුතු කළ හෝටලයේ අයිතිකරු ඇතුලු එහි සේවකයන් ස්වයං නිරෝධායනය සදහා යොමු කිරීමට කටයුතු කළ බවද ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් ලියන ආරච්චි මහතා පැවසීය
ඊට අමතරව ඔහු එදින නිවසට ගිය වාහන වල සේවය කළ අයද සොයා ඔවුන් ද ස්වයං නිරෝධායනය සදහා යොමු කිරීමට කටයුතු කරන බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් පවසති .
ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර