රටේ පවතින කොවිඩ් 19 වෛරසය මෙරටින් තුරන් කිරිමේ දැඩි උත්සාහයන් මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙසින් යුතුව දැඩි තින්දු තිරණ කිහිපයක් ක්‍රියාවට නැංවිමට පියවර ගෙන තිබේ.
ඒ අනුව කොරෝනා අසාදිතයින් සඳහා හා එය මෙරටින් තුරන් කිරිමට පහත සඳහන් අකාරයේ තිරණයන් ක්‍රියාත්මක කිරිමට රජය විසින් තිරණය කර තිබේ.
කොරෝනා හෙවත් කොවිඩි 19 වෛරසය රට තුළ ව්‍යාප්තවීම නතර කිරීම පිණිස ශ්‍රී ලංකාවට ගුවන් යානා පැමිණීම සති දෙකකට නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දි තිබේ. එම තිරණය හෙට (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරිමට තිරණය කර තිබේ.
සාමාන්‍ය ජන ජීවිතය අඩාල නොවන අයුරින් ආර්ථික සහ වෙළෙඳ කටයුතු මෙන්ම සෙසු අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ද එතුමා දෙපාර්තමේන්තු සහ ආයතන ප්‍රධානීන්ට උපදෙස් දි තිබේ.
ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය සමග අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී මේ තීරණ ගනු ලැබීය.
ප්රශ්නය ජය ගැනීමට අවශ්‍ය සියලු දේ කළයුතු වුවද රට අකර්මන්‍ය වීමට ඉඩ දිය නොහැකියැයි ජනාධිපති රාජපක්ෂ මහතා පැවසු අතර නිවැරදි තීන්දු ගැනීමට තමා සූදානම් බවත් ඒවා ක්‍රියාත්මක කිරීමට සියලු පාර්ශවයන්ගේ සහාය අවශ්‍ය බවත් පෙන්වා දුන්නේය.
සාකච්ඡාව ආරම්භ කරමින් කොරෝනා උවදුර ජය ගැනීමට රජය ගත් පියවර එකින් එක පැහැදිලි කළ ජනාධිපතිතුමා කාර්ය සාධක බලකාය ස්ථාපනය කළේ ජනවාරි 26 වැනිදා බව සඳහන් කළේය. ඒ වන විට වෙනත් කිසිදු රටක එවැනි ආයතනයක් ආරම්භ කර තිබුණේ නැත. චීනයේ වූහාන් නගරයේ සහ සෙසු නගරවල සිටී සිසුන් ඇතුළු සියලු ශ්‍රී ලාංකිකයෝ ආපසු ගෙන්වා ගනු ලැබූහ. සිය රට එන අය නිරෝධායනය සඳහා ස්ථාන රැසක් විවෘත කරන ලදී. සඳුදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළේ වෛරසය ව්‍යාප්තිය මර්දනය තවත් පහසු කිරීමේ අරමුණ ඇතිවය. දැන් තවත් දින 03ක් අත්‍යාවශ්‍ය සේවා හැර සෙසු අංශවලට නිවාඩු දී ඇත.
කොරෝනා වෛරසය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කළ දැනුම්දීමත් සමග වෛරසය රට තුළ ව්‍යාප්තවීම පාලනය කිරීමට ඉවහල් වන සෑම පියවරක්ම ගත් බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
විදේශගතව සිට සිය රට පැමිණ නිරෝධායනයට පාත්‍ර නොවී සැඟවී සිටින පුද්ගලයන් ගැන තොරතුරු සොයන ලෙසත් ඔවුන් පිළිබඳව ජනතාව දැනුවත් කරන ලෙසත් ජනාධිපති රාජපක්ෂ මහතා පොලීසියට උපදෙස් දුන්නේය.
සුහද හමු, විවිධ උත්සව සහ මහජන ඒකරාශීවීම් හැකි උපරිම අයුරින් සීමා කිරීමේ වැදගත්කම රැස්වීමේ දී අවධාරණය කෙරිණ.
වෛරසයේ ව්‍යාප්තිය මුල් කොට ගෙන ජනතාව බියපත් කිරීමේ අරමුණ ඇතිව කට කථා සහ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන අයට එරෙහිව කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාව ද රැස්වීමේ දී අවධාරණය කරනු ලැබීය.
ආර්ථිකය සහ ජන ජීවිතය අඩාල වන අයුරින් නිවාඩු දීම ප්‍රශ්නයට විසඳුමක් නොවන බව ජනාධිපතිතුමා මෙහිදි පෙන්වා දුන්නේය.