ඊයේ (19) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 195 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 අඩු එක් පුද්ගලයෙක්, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 43 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 151 දෙනෙකු අයත්.
මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 6,985ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එම මරණ සංඛ්‍යාව දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද වේ.