කොළඹ තේ වෙන්දේසියේදී පහතරට නිමි තේ සඳහා ඉහළ මිලක් ලැබුණ අතර බී ඕපී 1 (BOP) 1 වර්ගයේ තේ කිලෝවකට රුපියල් 2600ක වාර්තා සහගත මිලක් ලැබුණු බව නිවිතිගල විතානකන්ද තේ කර්මාන්ත ශාලා පුද්ගලික සමාගමේ සභාපතිනී නිර්මලී පිලපිටිය මහත්මිය පැවසුවාය.
ඒ නිසා අපේ‍්‍රල් මාසය තුල තම කර්මාන්තශාලාවට අමු තේ දලූ සැපයූ සැපයුම්කරුවන්ට අමු තේ දලූ කිලෝවකට රුපියල් 130.12ක ඉහළ මිලක් ගෙවීමට හැකිවූ බවද පැවසුවාය.
කොරෝනා වසංගතය හේතුවෙන් දැඩි සෞඛ්‍ය කොන්දේසි හමුවේ රජය, තේ කර්මාන්තය පවත්වාගෙන යාමට අවසර දීම නිසා මේ අවස්ථාව හිමිවූ බව ද නිර්මලී පිලපිටිය මහත්මිය පෙන්වා දුන්නාය.
ඒ නිසා තේ කර්මාන්තයක්, කුඩා තේවතු හිමියාත් ආරක්ෂාවු බවද ඇය සඳහන් කළාය. සෞඛ්‍ය කොන්දේසි අනුව තේ කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමේදී වැඩි පිරිවැයක් වැය කිරීමට සිදුවු නමුත් රජය දුරදක්නා නුවණින් කටයුතු කිරිම නිසා රටට සුලූ වශයෙන් හෝ විදේශ විනිමය ප්‍රමාණයක් ගෙන්වා ගැනීමට හැකි වූ බවද කීවාය.
මේ අතර මෙම කම්හල් සමාගමට අමු තේ දලූ සපයන කුඩා තේවතු හිමියන් පැවසුවේ පෙබරවාරි, මාර්තු මාසවල අමු තේදලූ කිලෝවක් සඳහා තමන්ට ලැබුනේ රුපියල් සියයක් බවයි.
තම කර්මාන්ත ශාලා සමාගමට අමු තේදලූ සපයන්නන් හයදාහක් පමණ සිටින බවත් ඔවුන් සියලූ දෙනාම ප්‍රමිතියෙන් ඉහළ අමු තේදලූ සැපයීම නිසා වෙන්දේසියේදී නිමි තේ සඳහා ඉහළ මිලක් ලැබුණ බව ද නිර්මලී පිලපිටිය මහත්මිය සඳහන් කළාය.