ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා බවට සැකකරන රෝගින් සදහා වෙන්කොට ඇති විශේෂ වාට්ටුවේ අද (24) උදැසන වනවිට රුසියානු ජාතිකයකු ඇතුළු පස් දෙනෙකු ප්රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්රකාශකයකු පැවසිය.
විසිහත් හැවිරිදි වියේ පසුවන රුසියානු ජාතිකයා ඊයේ (23) මෙකි විශේෂිත වාට්ටුවට ඇතුලත්කොට ඇත. ඔහු තායිලන්තයේ සිට මෙරටට සංචාරයක් සදහා පැමිණි අයෙකු වන අතර මිරිස්ස ප්රදේශයේ සිට රෝහල්ගත කොට ඇත.
ඉතිරි සිවුදෙනා ශ්රි ලංකිකයින් බව ද රෝහල් ප්රකාශකවරයා සදහන් කළේය