නව කොරෝනා වෛරසය ආසාදනය වු බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙක් අද (12) උදෑසන පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කල බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
මෙම දෙදෙනා කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයෙකු හා සෝමාවතිය ප්‍රදේශයේ වන්දනාවේ පැමිණි අයෙකු මෙලෙස රෝහල් ගත කළ බව වාර්තා වෙයි.
කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ පුද්ගලයා කඩවත ප්‍රදේශයේ පදිංචි අයෙකු බවයි. සෝමාවතිය ප්‍රදේශයේ වන්දනාවේ පැමිණි පුද්ගලයා හෝමාගම සිට වන්දනාවේ පැමිණි වන්දනා නඩයක් සමග සිටි අයෙකු බව සඳහන්වේ. මෙම පුද්ගලයා සහ පිරිස දිවයිනේ ප්‍රදේශ කිපයක සංචාරය කර ඇති බව ඔහු පවසා තිබේ.
කෙසේ නමුත් පොළොන්නරුව මහ රෝහලේ විශේෂ කොරෝනා ප්‍රතිකාර එකකයේ ප්‍රකාශකයෙකු පවසා සිටියේ IDH රෝහලට මොවුන් දෙදෙනා රැගෙන යෑමට සුදානම් බවයි.