කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා සියලු පක්ෂවල අදහස්, යෝජනා හා ක්‍රියාකාරිත්වයෙන් යුත් යාන්ත්‍රණයක් සැකසීම සඳහා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (24) පැවති පක්ෂ නායක රැස්වීමේදී යෝජනාවක් ඉදිරිපත් කළ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසීය.
එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපරිම දායකත්වය දක්වන බව ද අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පැවසූ බවද හේරත් මහතා ප්‍රකාශ කළේය.
පක්ෂ, ආගම්, ජාති භේද අමතක කරමින් මෙම උවදුරින් රට මුදවා ගැනීමට කටයුතු කළ යුතු බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.