කොරෝනා උවදුර ලංකාව පමණක් නොව ඉන්දියාව ඇතුලු ලොකයේ බොහෝ රටවල දැඩි ව්‍යවසනයක් ලෙස ව්‍යාප්ත වෙමින් තිබෙන අතර ලංකාව තුළ පළමු හා දෙවන රැල්ල ඉතා සාර්ථකව මැඩලීමට රජයට හැකි වු බවත් ජනතාව එය අවබෝධකරගෙන ජීවත් නොවීමේ විපාක ලෙස තුන්වැනි රැල්ලක් නිර්මාණය වු බවත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පැවැසීය.
එය ඉතා සීග්‍රයෙන් රටතුළ පැතිරයන බවට දැනටමත් සෞඛ්‍ය අංශය මගින් නිර්දේශ ලබා දී ඇති අතර එම තත්වයට හේතුව ජනතාවගේ නොසැළකිලිමත් කම බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා වව්නියාවේ පැවති මාධ්‍ය හමුවකදි පවසා සිටියේය.
“අපගේ රට පමණක් නොව කොරෝනා උවදුර පවතින අනිකුත් රටවල්ද මේ වන විට වසා දමා නොමැති අතර එසේ රටවල් වසා දැමීම සිදුවුවහොත් ජනතාවට කුසගින්නේ මියයෑමට පවා සිදුවන්නට පුළුවනි. අපගේ ජනතාවට ලිහිල් තීන්දු ගැලපෙන්නේ නැහැ. ඒ නිසා තමයි ආරක්ෂක අංශ නිතරම ජනතාව සෞඛ්‍ය ආරක්ෂිතව ජීවත්වනවාද කියා සොයා බැලිම සිදු වන්නේ.එහිදි ආරක්ෂක අංශ සිදු කරන රාජකාරී අගයකළ යුතු නමුත් මුරපොලවල්, සෝදිසි කිරිම් සදාකාලික විය යුතු නැහැ.
මෙහිදි මාධ්‍යවේදියකු පළාත් සභා මැතිවරණ පැවැත්විම පිළිබදව නැගු ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ දෙමළ සන්ධානයේ සහයෙන් බලයට පැමිණ යහපාලන රජයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවස්ථාවක් තිබුණද එසේ නොකර මැතිවරණය කල් දමමින් ආණ්ඩු පවත්වාගන යාමට උත්සහකළ ද අපගේ රජය හැකිතාක් කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අපේක්ෂාවෙන් සිටියද රටතුළ පවතින කොරෝනා උවදුර එයට බාධා වී ඇත.කෙසේ නමුත් රටතුළ පවතින තත්වය සුභදායක වු විගස පළාත් සභා මැතිවරණය පැවැත් වීමට රජය කටයුතු කරමින් සිටින බවද පැවසිය.