කොරොනා වෛරස් අසාදනයට ලක්වුවන් මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුලත් නොකල යුතුයැයි බලකරමින් මඩකලපුව ගාන්ධ් උද්‍යානය ඉදිරිපිට අරගලයක් අද (13) දියත් කරන ලදි.
මඩකලපුව ටි එම් වි පි, කාන්තා කණ්ඩායමේ නායිකා හා මඩකලපුව මහනගර සභාවේ මන්ත්‍රීණි සෙල්වි මනෝකර් මැතිනිය ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අරගලයේ කාන්තා කණ්ඩායමේ සාමාජිකයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මඩකලපුව මහනගර සභා නියෝජිතයින් මඩකලපුව දිසාවේ කාන්තා සංවිධානයන්හි සංසදයේ සාමාජිකයින් සහභාගි වුහ.
යුද්ධයෙන් අපගේ ඥාතීන් ව්නාශවුයේ මදිද? මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනතාව කොරෝනා අසාදනයෙන් ආරක්ෂා කරමු? කොරොනා ප්‍රතිකාර මඩකලපුවට එපා , යන පාඨ සඳහන් පුවරු උද්ඝෝෂණ කරුවන් ප්‍රදර්ශනය කරන ලදි.
මඩකලපුව ශික්ෂණ රෝහලට දුප්පත් ජනතාව ප්‍රතිකාර ලබන අවස්ථාවක එහි කොරෝනා වැලදුණු රෝගින්ට ප්‍රතිකාර ලබාදීමේ දී එමඟින් දුප්පත් ජනතාව පීඩාවට පත්විමේ අවස්ථාව උදාවන බව ඒදිස්ත්රික්කය පුරා පැතිරෙන බවට උද්ඝෝෂණයට සහභාගිවුවන් හඩනගන ලදි.
මඩකලපුව - ටි.එල් ජව්ෆර්කාන්