මඩකලපුව ශික්ෂණ රෝහලේ ඉදිරිපිට සිකුරාදා (13) මධ්‍යහන උද්ඝෝෂණයේ යෙදුණු සැකපිට අත් අඩංගුවටපත් තරුණයින් 9 දෙනා මඩකලපුව දිසා විනිසුරු විනෝබා ඉන්ද්‍රන් මහතා විසින් ඇපමත නිදහස් කරන ලදි.
මඩකලපුව ශික්ෂණ රෝහලේ ඉදිරිපිට කොරෝනා රෝගින් මෙම රෝහලට ඇතුලත් නොකරන මෙන් ඉල්ලා තරුණයින් උද්ඝෝෂණයේ යෙදුණි.
එම ස්ථනයේ පොලීසිය හමුදාව විශේෂ කාර්ය බලකාය නිලධාරින් යොදා තිබුණි. එම අවස්ථාවේ මොවුන් අත්අඩංගුවට ගන්නා ලදි.
මෙම රෝහලට සාමන්‍ය රෝගින් ප්‍රතිකාර සදහා ගිලන් රථයේ ගෙන එනවිට රෝහල් පරිශ්‍රයට ඇතුල්නොවෙනසේ මොවුන් රදවා තැබු බව රෝහල් නිලධාරියෙකු පැවසීය.
රෝහල් පරිසරයේ කලහකාරී මැඩලීමේ පොලීසිය යොදවීම නිසා එම ප්‍රදේශයේ නොසන්සුන්තාවය ඇතිවුණි.