මන්නාරම නගරය කේන්ද්‍ර කරගනිමින් කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටුවීමට රාජ්‍ය නිලධාරීන් හා ආරක්ෂක අංශ විසින් ගෙන ඇති සූදානමකට විරෝධය පාමින් ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවක් ඊයේ (15) සවස සංවිධානය කොට තිබුණි.
මන්නාරම් නගරයේ මෙම විරෝධතාවය සංවිධානය කොට තිබූ අතර ව්‍යාපාරිකයින් හා සාමාන්‍ය වැසියන් පිරිසක් මෙම විරෝධතාවයට සහභාගී වී සිටි අතර එම විරෝධතාවය පැවැත්වීමට හේතුවී තිබුණේ මන්නාරම පැරණි ඇඟලුම්හල පිහිටි ප්‍රදේශයේ නීරෝධායන මධ්‍යස්ථානය පිහිටුවීමේ සූදානමක් ඇති බවට තොරතුරු වාර්තා වීමෙන් පසුවය.
විරෝධතාවයේ නිරත වූවන් පවසා සිටියේ,
‘රජය විසින් කොරෝනා වයිරසය ආසාදිත යැයි සැක සහිත වූවන් නිරෝධායනය කිරිමට උතුරු නැගෙනහිර පළාත් යොදා ගැනීම කිසිසේත් අනුමත කල නොහැකි අතරම දකුණේ සිට දිස්ත්‍රීක්ක ගණනාවක් පසුකරමින් සාමාන්‍ය ජනතාවද අවධානමට ලක් කොට උතුරට පුද්ගලයින් නීරෝධායනය කිරීමට රැගෙන ඒම නොකොට එය දකුණේම සුදුසු ස්ථානයන් යොදා ගත යුතු බවටය.
එමෙන්ම මන්නාරම් දිස්ත්‍රීක්කය ඇතුලු උතුරු පළාතෙම මෙතෙක් කිසිදු කොරෝනා රෝගියෙක් වාර්තා වි නොමැති හෙයින් නීරෝධායන මධ්‍යස්ථාන උතුරේ පිහිටුවීම මගින් කොරෝනා වයිරසය පැතිරීමේ අවධානමක්ද පවතින හෙයින් එමඟින් සාමාන්‍ය ජනතාවගේ ජීවිත දැඩි අවධානමක පසුවන බවටද විරෝධතාවයේ නිරත වූවන් පවසා සිටියහ.
අනතුරුව එම ස්ථානයට පැමිණි පොලීසිය හා යුද හමුදාව විරෝධතා කරුවන්ට එවැනි නීරෝධායන මධ්‍යස්ථානය පිහිටුවීමට පියවර නොගන්නා බව පැවසීමෙන් පසුව විරෝධතාව නැවත්වීමට පියවර ගත්හ.