කොරෝනා මර්දන එන්නත ලබාගත් බොරලැස්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අනුයුක්තව සේවය කරන පවුල් සෞඛ්‍ය සේවිකාවක් අසාත්මික තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් පිලියන්දල දිසා රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය
පිලියන්දල ,කැස්බෑව හා බොරලැස්ගමුව සෞඛ්‍ය නිලධාරී කාර්ය මණ්ඩලවල සාමාජිකයන්ට මෙන්ම පිලියන්දල දිසා රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 60 දෙනකුට ආසන්න පිරිසකට අද (2) එන්නත ලබා දෙනු ලැබුවේ පිලියන්දල දිසා රෝහලේදීය.
එලෙස එන්නත ලබාගත් පවුල් සෞඛ්‍ය සේවිකාවට මද වේලාවක දී ශරීරයේ පලු වර්ගයක් හටගෙන ඇය රෝගී තත්ත්වයට පත්වූ බව එම ආරංචි මාර්ග සඳහන් කරයි .
ඇය හදිසි ප්‍රතිකාර ඒකකය වෙත ඇතුළත් කර මූලික ප්‍රතිකාර ලබාදී වැඩිදුර ප්‍රතිකාර සඳහා අංක තුන වාට්ටුව ට ඇතුළත් කර ඇති බව රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
බිමල් ශ්‍යාමන් ජයසිංහ