කෝවිඩ් 19 වෛරසයට එරෙහිව චීනයේ නිෂ්පාදිත එන්නතක් මෙරටදී නිෂ්පාදනය කිරීම කෙරෙහි කැබිනට් මණ්ඩලයේ අවධානය ඊයේ යොමු වී ඇති බව වාර්තා වේ.
මේ පිළිබඳව අද කළ විමසීමකදී ඖෂධ නිශ්පාදන, සැපයීම් හා නියාමන අමාත්‍යාංශයේ ලේකම් විජේකෝන් මහතා ප්‍රකාශ කළේ ඊයේ කැබිනට් මණ්ඩලය තුළ එම මාතෘකාව සාකච්ඡාවට ලක්කර එම එන්නත මෙරටදී නිශ්පාදනය කිරීමට තීරණය කර ඇති බවයි.
නුවර පල්ලේකැලේ පිහිටා ඇති පෞද්ගලික ඖෂධ නිෂ්පාදන ආයතනයක් විසින් තම සමාගමට මෙම එන්නත නිෂ්පාදනය සඳහා හැකියාවක් ඇති බවත් එම සමාගම විසින් ඒ සඳහා අනුමැතිය රජයෙන් ඉල්ලා ඇති බවත් ලේකම්වරයා පැවසුවේය. මෙම ඉල්ලීම පිළිබඳව තවදුරටත් සාකච්ඡා මට්ටමේ පවතින බවද ලේකම් වරයා වැඩිදුරටත් පැවසුවේය.