ශ්‍රී ලංකාවේ අද දිනයේදී කොරෝනා ආසාදිතයන් තිදෙනෙක් සොයා ගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිලි ජාසිංහ මහතා පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා තහවුරු කළ රෝගීන්ගේ සංඛ්‍යාව 241ක් දක්වා වර්ධනය වී තිබේ.
අද දින වාර්තා වූ රෝගීන් තිදෙනාම පූනානි නිරෝධායනය මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි කාන්තාවන් බවද සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා පැවැසීය.
එසේම අද දිනයේදී කොරෝනා ආසාදිතයන් සොයා ගැනීම වෙනුවෙන් පී.සී.ආර්. පරීක්ෂණ 530ක් සිදුකර ඇති බවත් ඔහු පැවැසීය.