කොරෝනා ආසාදිත බව කොළඹ දී අද (13) තහවුරු වූ ගාල්ලේ පදිංචි පුද්ගලයෙකු ප්‍රතිකාර මධ්‍යස්ථානයට රැගෙන යන අතරතුරදී පළාගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
ගාල්ලේ පිහිටි තම නිවස වෙත එමින් සිටින මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිවලට දැනුම් දී ඇති බවත් සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කරයි.
වරාය අධිකාරියේ සේවය කරන මෙම පුද්ගලයා ගාල්ලේ වක්වැල්ලේ පදිංචිකරුවෙකි.
ඔහු ආසාදිත බව වාර්තාවීමෙන් පසු කොරෝනා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත බසයකින් රැගෙන යමින් සිටියදී පැන ගොස් ඇත.
සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම පුද්ගලයා එතැන් සිට ගාල්ල දෙසට ගමන් ගන්නා පොදු ප්‍රවාහන බස් රථවලින් පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.
සිරංගිකා ලොකුකරවිට