කොරෝනා වෛරසය ආසාදනය වූ බිළිඳුන් එකසිය පනස් දෙනෙකු මේ දක්වා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් හඳුනාගෙන ඇතැයි එහි රෝහලේ අධ්යක්ෂ ජී , විජේසූරිය මහතා පැවසීය.
එසේම එම බිළිඳුන්ගේ මාපියන් සිය දෙනකුට ද වෛරසය ආසාදනය වී තිබූ බව රෝහල් අධ්යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය .
මෙසේ ආසාදිත බිලිදුන් අතරින් මාස 18ක බිළිඳෙකු ඉකුත් දා රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩිසත්කාර ඒකකයේදී මිය ගිය අතර එම බිලිදාගේ මාපියන්ටද වෛරසය ආසාදනය වී තිබූ බව පැවසේ .
දරුවෙකු ආසාදිත වූ විට රෝහල්ගත කිරීමට ප්රමාද වීම රෝගය උත්සන්න වීමට හේතුවක් වී ඇති බැවින් රෝග ලක්ෂණ මතු වූ වහාම බිලිදු දරුවන් රෝහල්ගත කිරීමට පියවර ගන්නා ලෙස රෝහල් අධ්යක්ෂවරයා මාපියන් ගෙන් ඉල්ලා සිටි.
මත්තේගොඩ ශාන්ත ප්රදීප් කුමාර කුලරත්න