කුරුණෑගල දිස්ත්‍රික්කයේ තුන්වන කොරෝනා ආසාධිත පුද්ගලයා වාරියපොළ පොලිස් බළ ප්‍රදේශයට අයත් පුබ්බෝව ග්‍රාමයෙන් අද හමුවී ඇත.
වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන ඔහුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව මීට ස්වල්ප මොහොතකට පෙර පරීක්ෂණ මගින් තහවුරු වූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය .
මෙම නාවික හමුදා සෙබලා ඊයේ (22) දිනයේ පොළොන්නරුව පුලතිසිගම ප්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා වෛරසය ආසාධනය වූ නාවික සෙබළා සමග එකට සේවය කොට නිවාඩු ලබා පැමිණි අයෙකු බවද වාර්තා වේ .
ගීතාංජලී ප්‍රියදර්ශනී