කුරුණෑගල ශික්ෂණ රෝහලේ ශ්වසන රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන වාට්ටුවේ සේවය කරන සුළු සේවක කාර්ය මණ්ඩල සාමාජිකයෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වූ බව අද (21දා) පස්වරුවේ තහවුරු වී ඇත. එම ආසාදිතයත් සමඟ මේවනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩල දෙදෙනෙකු කොරෝනා වෛරසයට ගොදුරුව සිටිති.
මේ හේතුවෙන් එම ප්‍රතිකාර ඒකකයේ රාජකාරියෙහි නියුතු වෛද්‍යවරුන්, හෙද නිලධාරීන්, සුළුසේවක කාර්ය මණ්ඩලය සමඟ එහි ප්‍රතිකාර ලබන රෝගීන්ද අද රාත්‍රියේ පීසීආර් පරීක්ෂණ සඳහා ලක් කිරීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ වෛද්‍ය ඉන්දික රත්නායක මහතා ප්‍රකාශ කළේය.
ආසාදිතයින් වාර්තා වූ තැලසීමියා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සහ ශ්වසන රෝග ප්‍රතිකාර ඒකකයේ සමස්ත කාර්ය මණ්ඩලයම ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවද ඉදිරියට ලැබෙන පීසීආර් පරීක්ෂණ වාර්තා අනුව රෝහලේ ප්‍රතිකාර කටයුතු සම්බන්ධයෙන් හෙට දින තීරණයක් ගැනීමට නියමිත බවද වෛද්‍ය රත්නායක මහතා සඳහන් කළේය.