කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂවරයාට එරෙහිව එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ලබා දෙන ලද පොරොන්දුවකට අනුව අද සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබූ වැඩ වර්ජනය අත්හිටුවීමට පියවර ගත් බව කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානය පැවසීය .
අද ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලබන බවත් එනිසා රට තුළ පවතින අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වර්ජනය අත්හිටුවන ලෙසටත් සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් කරන ලද විශේෂ ඉල්ලීමක් සලකා බලා වර්ජනයෙන් ඉවත් වීමට තීරණය කළ බව කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු වෛද්‍ය ඉන්දික රත්නායක මහතා පැවසීය .
කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතාගේ කටයුතු වලට විරෝධය පළ කරමින් වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සිට සුළු සේවක කාර්ය මණ්ඩලය දක්වාවූ සාමාජිකයින්ගෙන් සැදුම් ලත් කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානය විසින් අද දිනයේ සිට අත්‍යාවශ්‍ය සහ හදිසි ප්‍රතිකාර සේවාවන් පමණක් රෝහල තුළ සිදු කිරීමට තීරණය කරමින් වෘත්තීය ක්‍රියා මාර්ගයක් ආරම්භ කිරීමට නියමිතව තිබුණි .