කොරෝනා වෛරසය ආසාදිත වූවන්ගේ ජෛව සාම්පල පරීක්ෂා කිරීමට අවශ්‍ය පී.සී.ආර්. යන්ත්‍රයක් නොතිබීම හේතුවෙන් ඒ සඳහා අවශ්‍ය පරීක්ෂණ යන්ත්‍රයක් නිර්මාණය කිරීමට කුරුණෑගල ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ පිරිසක් සමත්වී ඇත.
රෝහලේ වෙනත් ප්‍රතිකාර ඒකකයක රෝගීන් පරීක්ෂාවට තිබෙන යන්ත්‍රයකට අවශ්‍ය කොටස් එකලස් කර මෙම යන්ත්‍රය සකස් කිරිමට රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් සමත්වී තිබේ.
මෙසේ සකස් කරන ලද යන්ත්‍රයේ නියම පීසීආර් පරීක්ෂණ යන්ත්‍රයක පෙන්වන කාර්යක්ෂමතාවය නොතිබුණද දිනකදී එමඟින් නිවැරැදි පීසීආර් පරීක්ෂණ 10 ක පමණ සංඛ්‍යාවක් කරගත හැකි බවද කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළු වන සැක සහිත රෝගීන් සංඛ්‍යාව අනුව එම පරීක්ෂණ සංඛ්‍යාව දිනකට හොඳටම ප්‍රමාණවත් බවද කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.
කොරෝනා වෛරසය රට තුළ පැතිර ගිය මුල් අවදියේදී කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් වූ සැක සහිත රෝගීන් පරීක්ෂාවට පොල් පර්යේෂණ ආයතනයේ පාවිච්චියට ගනු ලැබූ පීසීආර් පරීක්ෂණ යන්ත්‍රයක් කුරුණෑගල ශික්ෂණ රෝහලට ලැබුණද එය ආපසු ලබාදීමට සිදුවීම හේතුවෙන් රෝගීන් පරීක්ෂාව බරපතළ ගැටළුවක් වී තිබූ බවද වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා සඳහන් කළේය.
නව යන්ත්‍රය ලබන සඳුදා (19) දින සිට අවශ්‍ය පීසීආර් පරීක්ෂණ රෝහලේදීම සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇති බවද වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා පැවසීය.
කුරුණෑගල ශික්ෂණ රෝහලට පීසීආර් පරීක්ෂණ යන්ත්‍රයක් නොතීබීම හේතුවෙන් සැක සහිත රෝගීන්ගේ සෙම පටල මහනුවර මහ රෝහලට හෝ කොළඹ වෛද්‍ය පර්යේෂණායතනය වෙත යවා පරීක්ෂා කර බැලීමට සිදුවූ අතර ඒ සඳහා එම ආයතන වලින් ලබා දුන් සේවාව ඉහළින්ම අගය කරන බවද නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය කැඳන්ගමුව මහතා පැවසීය.