කුරුණෑගල ශික්ෂණ රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා වෛරස රෝග ලක්ෂණ සහිත බවට සැක කරන රෝගීන් සංඛ්‍යාව අද (21දා) දිනය වන විට තිදෙනෙකු දක්වා පහත බැස ඇති බව එම රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.
කොරෝනා වෛරසය ආසාදනය වූවන් සඳහා ප්‍රතිකාර කිරීමට රෝහලේ සකස් කර ඇති අනෙකුත් නේවාසික වාට්ටු සියල්ලම මේවනවිට රෝගින්ගෙන් හිස්ව පවතින බවද නියෝජ්‍ය අධ්යක්ෂවරයා සඳහන් කළේය. අවසාන වරට රෝහලෙන් කොරෝනා වෛරසය ආසාදනය වූවන් වාර්තා වූයේ අප්‍රේල් මස 26 වන දිනය . ඉන් පසුව ආසාදිතයන් කිසිවෙකු වාර්තා නොවූ බවද වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා පැවසීය.
කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව පසුගිය මාර්තු මස 27 වන දින සිට අප්‍රේල් මස 27 වන දින දක්වා වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදනය වූවන් සංඛ්‍යාව 25 කි . මොවුන්ගෙන් බහුතරයක් නාවික හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල් වල සමීපතම ඥාතීන්ය .