කුරුණෑගල ප්රධාන තැපැල් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සඳහා කරන ලස පීසීආර් පරීක්ෂණ වලින් එහි 14 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (21) ලැබුණු වාර්තා වලින් තහවුරු වී තිබේ.
සියයකට අධික මෙහි සම්පූර්ණ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් 60 දෙනෙකු පීසීආර් පරීක්ෂණයට ලක් කර ඇති අතර ඉන් 14 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
මෙම ආසාදිතයින් අතර උසස් නිලධාරීන් හත් දෙනෙකුම සිටිති.
මේ පිරිස සමඟ කරන ලද තවත් පීසීආර් පරීක්ෂණ වලින් එම ආසාදිතයින් 14 දෙනාට අමතරව කුරුණෑගල මහවීදියේ තවත් ව්යාපාරික ස්ථාන දෙකක සේවකයින් දෙදෙනෙකුද කොරෝනා ආසාදිතයින් බව තහවුරු වී තිබේ.
ඒ අනුව මේවනවිට කුරුණෑගල මහවීදියේ පිහටි ව්යාපාරික ස්ථාන 08 කින්ම කොරෝනා ආසාදිතයින් වාර්තා වී ඇත.
කුරුණෑගල ප්රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලයේ සේවය කරන ප්රධාන ලිපිකරුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසුව ඔහු හරහා ඒ ආසන්නයේම පිහිටි ප්රධාන තැපැල් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් හට කොරෝනා වෛරසය ආසාදනය වන්නට ඇතැයි සැක කෙරේ.
මේවනවිට කුරුණෑගල ප්රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලයේ තැපැල් අධිකාරිවරුන් දෙදෙනෙකු ඇතුළු එහි කාර්ය මණ්ඩලයේ හයදෙනෙකුද වෛරසයට ගොදුරු වී සිටිති.
මෙම අවදානම් තත්ත්වය හේතුවෙන් කුරුණෑගල ප්රධාන තැපැල් කාර්යාලය සහ තැපැල් අධිකාරි කාර්යාලයද තාවකාලිකව සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙන අතර මේ ආකාරයට ඉදිරියට එම ආයතන දෙකෙන්ම තවත් ආසාදිතයින් වාර්තා විය හැකි බැවින් එම තත්ත්වය මත කුරුණෑගල දිස්ත්රික්කයේ තැපැල් සේවාව සහමුලින්ම අඩාල වනු ඇතැයිද පැවසේ.
ගීතාංජලී ප්රියදර්ශනී