කුරුණෑගල ශික්ෂණ රෝහලේදී නීරෝගි දරු උපතක් සිදු කළ කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
කුරුණෑගල මල්කඩුවාවේ පදිංචි 18 හැවිරිදි කාන්තාවක් තම ප්‍රථම දරු ප්‍රසූතිය සඳහා ඊයේ (30) කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එදිනම දරු ප්‍රසූතිය සිදු කර ඇත.
පසුව ඇයට සිදු කළ පීසීආර් පරීක්ෂණයකදී ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.
කොරෝනා ආසාදිත මව සහ ප්‍රසූත කළ දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කළ බවද වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා සඳහන් කළේය.
මෙම කාන්තාවගේ සැමියා කුරුණෑගල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන අතර එම ආයතනයේ මීට පෙර වාර්තා වූ කොරෝනා ආසාදිතයෙකු ඇසුරු කිරීම හේතුවෙන් ඔහු සිය නිවසේම නිරෝධායනයට ලක් කර සිට ඇත. ඔහු කොරෝනා ආසාදිත බව තහවුරු වී නැතත් ඔහුගෙන් බිරිඳට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබේ.