කුරුණෑගල මහ නගර මඟින් කරන ලද පීසීආර් පරීක්ෂණයකින් නගර සභාවේ කම්කරු සේවකයින් 06 දෙනෙකු සමඟ මාළු ව්‍යාපාරිකයන් 02 කු කොරෝනා ආසාදිතයින් බවට අද තහවුරු වීම සැලකිල්ලට ගෙන කුරුණෑගල නගරයේ සියළුම ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට නියම කළ බව නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ප්‍රකාශ කළේය.
කුරුණෑගල විල්ගොඩ ප්‍රදේශයේ කම්කරු නිවාස පද්ධතියේ පදිංචිව සිටින කුරුණෑගල මහ නගර සභාවේ කම්කරුවන් 17 දෙනෙකු පීසීආර් පරීක්ෂණයට ලක් කිරීමෙන් පසුව ඉන් 06 දෙනෙකුම කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී ඇත.
මීට අමතරව පරීක්ෂාවට ලක් කළ යන්තම්පළාව සහ උඩවල්පොළ ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයන් දෙදෙනෙකුද ආසාදිතයින් බවට තහවුරු වී ඇත. විල්ගොඩ ප්‍රදේශයෙන් ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් එම ප්‍රදේශයට පිවිසෙන සියළුම මාර්ග වසා දමා අවහිර කිරීමටද පියවර ගෙන ඇත.