අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සාටකයට හා ජානාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙ කීර්ති නාමයට මුවාවී හිටපු ආමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විවිධ වහසිබස් දොඩවමින් සිටින බව අපේ ජන බල පක්ෂයේ ජාතික ලයිස්තු අපේක්ෂක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ සදහන් කළහ.
උන් වහන්සේ මෙම අදහස් පලකළේ ඊයේ (23) නාඋල දී පැවැති ජන හමුවකට එක්වෙමිනි.
කුරැණෑගල බුවනෙකභා හෝටල ඩෝසර් කිරිම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වු උන්වහන්සේ කියාසිටියේ බලය හේතුවෙන් පිස්සු දොඩවන පුද්ගලයි වත්මන් ආණ්ඩුවේ සිටින බවයි.
මෙම අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ මෙසේද කියා සිටියහ.
"දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයට යමි කිසි කීර් තියක් ලැබිලා තියෙනවා. මිනිසුන්ගේ චිත්තාරාධනාවට ඔහු පාත්‍ර වී තිබෙනවා පක්ෂ විපක්ෂ බේදයකින් තොරව.
දැන් මේ මහින්ද මහත්තයාගේ සාටකේටයි ගෝඨාභය මහත්තයාගේ කීර්තියටයි මුවා වෙලා බලන්න අර ජොන්ස්ටන් ඇමති අර බුවනෙකභා මණ්ඩපේ කඩා දැම්මගෙන් පස්සේ කියනවා මම මයිලකට අත තියන්න දෙන්නේ නැ මම නගරාධිපතිගේ කියලා. බැරිවෙලාවත් මේ නගරාධිපති දඹුල්ලේ හිටියනම් සීගිරියටත් මේ මනුස්සයා බෝර දානවා.
පොඩිදරැවන්ට යන්න හොද නැහැ අසභ්‍ය පින්තූර තියෙනවා කියලා පෙරලලා දාන්න බැරි නෑ. ජෙන්ස්ටන්ට මොකක්ද තියෙන අයිතිය පොහොට්ටුව බලයට ගේන්න උදව්කරපු කිසි කෙනෙකුට අපි අත තියන්න දෙන්නේ නැහැ කියලා කියන්න.
එතකොට පොහොට්ටුවේ අයට මේ රටේ තියෙන්නේ එක නීතියක් ද? ඒ ඇමති කට්ටට මුවා වෙලා ඒ ගොල්ලන්ට පුලුවන් ද මේ පුරාවස්තු විනාශ කරන්නයි වෙන අපරාධ කරන්නයි.
ඒ වරද වරද හැටියට නොදකින තාක්කල්, මේ වහල් දේශපාලනයේ යෙදෙන තාක්කල් අපිට නිවනක් නැහැ.
ඒ නිසා අද දවසේ භික්ෂූන් වහන්සේලා හැටියට අරගල කරන්න ඕනේ, සටන් කරන්න ඕනේ පෙමුණ ගන්න ඕනේ ක්‍රියාශිලිව වැඩ කරන්න ඕනේ.
සුද්දන්ගෙන් රට බේරගත්තා වගේම මේ කළු සුද්දන්ගෙනුත් රට බේරගන්න ඕනේ.
ඔය පොහොට්ටුව වෙන්න පුලුවන් අනිත් අය වෙන්න පුලුවන් ඔය ඔක්කොටම තියෙන්නෙ ඡන්ද කැඩෙන එක ගැන ප්‍රශ්නයක්.
හැබැයි අපිට තියෙන්නේ මේ සිංහලයට තියෙන රට නැතිවීම පීළිබද ප්‍රශ්නයක්."