සමස්ත පාසල් පද්ධතියම ආරම්භ කිරීමට රජය ගෙන ඇති තීරණය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය නිරෝධායන නීති රීති වලට එකඟව සිමීත සිසුන් පිරිසක් පමණක් සහභාගි වන පෞද්ගලික කණ්ඩායම් පන්ති කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ආරම්භ කිරීමට අවසර දෙන ලෙස සමස්ත ලංකා උපකාරක පන්ති එකමුතුව වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
කොරෝනා වසංගත තත්ත්වයක් පවතිද්දී වුවද සෞඛ්යාරක්ෂිත උපදෙස් අනුගමනය කරමින් මේවනවිට රටේ සියළුම කටයුතු ජනතාවට විවෘතව පවතින බැවින් පෞද්ගලික උපකාරක පන්තිද එම සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද වලට යටත්ව ආරම්භ කර පවත්වාගෙන යාමට අවසර දෙන ලෙස එම සංගමයේ සාමාජිකයන් වයඹ ආණ්ඩුකාරවරයා හමුවී ඉල්ලා ඇත.
ජාතික විභාග කීපයකට දින නියම කර තිබීම හේතුවෙන් දෙමාපියන්ගේ මෙන්ම ශිෂ්‍ය ප්රජාවගේද දැඩි ඉල්ලීමට අනුවද, උපකරණ පන්ති පවත්වාගෙන යන ගුරු භවතුන්, ආයතන හිමියන් සහ ඒ ආශ්රිත සියළුම ක්ෂේත්රයන්හී විශාල පිරිසක් මමේවනවිට පත්ව සිටින දැඩි අසීරුතාවයද සැලකිල්ලට ගෙන කුරුණෑගල දිස්ත්‍රික්කයේ උපකාරක පන්ති නැවත ඇරඹීම සඳහා වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා හමුවී ඉල්ලා සිටි බව සමස්ත ලංකා උපකරණ පන්ති ගුරු එකමුතුවේ ලේකම් සමීර වීරසූරිය මහතා ප්‍රකාශ කළේය.
සෞඛ්යාරක්ෂිත උපදෙස් අනුගමනය කරමින් ඊට එකඟව අවමය 50 කවූ සිමීත පිරිසකගෙන් සමන්විත පන්ති පවත්වාගෙන යාම සඳහා අවසර ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවද වීරසූරිය මහතා පැවසීය.
මීට පෙර පැවති කොරෝනා වසංගත අවදානම හමුවේද නිසියාකාරව සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් උපකරණ පන්ති පැවැත්වීමට වග බලාගත් බවද එහිදී කිසිම සිසුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය නොවූ බව වගකීමෙන් යුතුව පෙන්වා දෙන බවද ඒ මහතා පැවසීය.
වයඹ පළාත් ආණ්ඩුකාරවරයාට අමතරව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාද හමුවී ඔහුටද තම සංගමයේ ඉල්ලීම ලිඛිතව ඉදිරිපත් කළ බවද සමීර වීරසූරිය මහතා වැඩි දුරටත් පැවසීය.