ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති ක්‍රිකට් තරගාවලියේ රූපවාහිනී විකාශන අයිතිය ලබාදීමේදී රුපියල් කෝටි 3 1/2කට අධික මූල්‍ය වංචාවක් සිදුකරන ලදැයි සිද්ධියකට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශයේ හිටපු ප්‍රධානි දිසානායකලාගේ පියල් නන්දන නැමැත්තාගේ විද්‍යුත් ලිපිනය පාකිස්තානු ජාතිකයෙකු විසින් හැක්’ කොට ඇති බව හෙළි වී ඇත.
ඒ අනුව මසකට අධික කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුට ඇප නියම කරන්නැයි නීතිඥ චමින්ද අතුකෝරල මහතා කළ ඉල්ලීම පිළිබඳ සලකා බැලීම ලබන 21 වැනිදාට කල් තැබූ මහේස්ත්‍රාත්වරිය සැකකරු එදින දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියම කළාය.
බුද්ධිමාල් රෑබේරු