2020 අගෝස්තු මාසයේදී ඉන්දුනීසියාවේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ කරුංකා තොගයක් ව්‍යාජ නිරෝධායන බලපත්‍ර ඉදිරිපත් කිරීමෙන් පසුව ප්‍රතිඅපනයනය කිරීමේ සිදුවීමට සම්බන්ධව සහකාර කෘෂිකර්ම අධ්යක්ෂවරියක් හා කෘෂිකර්ම උපදේශකවරියක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ශ්‍රී ලංකා රේගුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුට කළ පැමිණිල්ක් අනුව විමර්ශන ආරම්භ කිරීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
අදාළ කන්ටේනර් භෞතික පරීක්ෂාවකින් තොරව ව්‍යාජ ලේඛණ සකස්කර ප්‍රතිඅපනයනය කර ඇති බවට තහවුරු වූ බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
තවත් සැකකරුවන් සිටීදැයි සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලීසිය පවසයි.