එක්සත් ජාතික පෙරමුණේ ජනපති මැතිවරණයට නායකත්වය දෙමින් කථානායක කරු ජයසූරිය මහතා ජනපති අපේක්ෂක ලෙස නම්කරන ලෙසට අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගෙන් මහා සංඝරත්නය ඉල්ලීමක් කර තිබේ.
මහා සංඝරත්නය හා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අතර ඊයේ අරලිය ගහ මන්දිරයේ පැවැති හමුවකදී මහා සංඝරත්නය මේ බව සඳහන් කර තිබේ.
එසේම විධායක ජනපතිධුරය අහෝසි කිරීම යන මාතෘකාව යටතේ මෙවර මැතිවරණයට ඉදිරිපත් වන ලෙසත් උන්වහන්සේලා සඳහන් කර තිබේ.