Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
එක්සත් ජාතික පක්ෂයෙන් කරු ජයසූරිය මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළහොත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය වනු ඇතැයි දිවයින පුරා සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී තිබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ප්‍රධානී මහාචාර්ය සිසිර පින්නවල මහතා ඊයේ (10දා) පැවසීය.
පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා තරග කරන විට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළහොත් ප්‍රේමදාස මහතා තුන්වැනි ස්ථානයට පත්වනු ඇතැයි අනාවරණය වූ බවද මහාචාර්යවරයා සඳහන් කළේය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් ඇතුළු ආචාර්ය කණ්ඩායමක් විසින් ඡන්දදායකන් දිවයිනේ කලාප 08කට බෙදා මෙම සමීක්ෂණය පැවැත්වූ බවත්, ගෝඨාභය රාජපක්ෂ මහතාට සාපේක්ෂව කරු ජයසූරිය මහතා ඉන් කලාප 07කින්ද, සජිත් ප්‍රේමදාස මහතා කලාප 04කින්ද ඉදිරියෙන් සිටින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව කොළඹ මහනගර බලප්‍රදේශය, හෝමාගම, පන්නිපිටිය, මහරගම, කෝට්ටේ ඇතුළත් වෘත්තීය කලාපය, මහනුවර, ගාල්ල, මාතර, කුරුණෑගල ඇතුළු අර්ධ නාගරික බලප්‍රදේශය, දකුණු හා වයඹ, උතුරුමැද පළාත් හා ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළත් ග්‍රාමීය බෞද්ධ කොට්ඨාසය, මොනරාගල, හම්බන්තොට හා වයඹ පළාතේ උතුරු කොටස ඇතුලත් ආර්ථික වශයෙන් පසුගාමී කලාපය, උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාව බහුල ප්‍රදේශය, නැගෙනහිර මුස්ලිම් ජනයා බහුල ප්‍රදේශය, රට අභ්‍යන්තරයේ මුස්ලිම් ජනයා බහුල ප්‍රදේශය, ක්‍රිස්තියානි ජනයා බහුල මුහුදුබඩ කලාපය මෙම සමීක්ෂණය සඳහා යොදාගත් බවද හෙතෙම පැවසීය.
රාජගිරියේ පිහිටි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයේ කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවකදී සිසිර පින්නවල මහතා මේ බව පවසා සිටියේය.
කොළඹ මහනගර බලප්‍රදේශය, දිවයිනේ අර්ධ නාගරික බලප්‍රදේශ, වතුකරය, උතුරු නැගෙනහිර මුස්ලිම් හා දෙමළ ප්‍රදේශ, දකුණේ ක්‍රිස්තියානි හා මුස්ලිම් බහුල ප්‍රදේශවලින් කරු ජයසූරිය මහතාට ජයග්‍රහණය කළ හැකි බවද මහාචාර්යවරයා සඳහන් කළේය.
එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකරනු ඇත, එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කවුරුන් වුවද එම පක්ෂයේ බෙදීමක් හටනොගනු ඇත, සුළු ජාතික පක්ෂ අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකරනු ඇත යන උපකල්පන තුන පදනම් කරගෙන දත්ත විශ්ලේෂණය කර මෙම සමීක්ෂණය පැවැත්වූ බවද ඒ මහතා පැවසීය.
popular news
සම්පත් Wednesday, 11 September 2019 12:33 AM
කවුරු කොහොම සමීක්ශන කලත් කරූ ඔලුවෙන් හිටන් ආවත් ගම්පහින් නම් කරූට දිනන්න බෑ
Reply : 5 4
lion Wednesday, 11 September 2019 07:04 AM
මෙය නෙවරදී බව බොහෝ අයගේ අදහසඊ
Reply : 0 0
kapila Wednesday, 11 September 2019 08:20 AM
සමීක්ෂණ කණ්ඩායම් ගමට ගිහින් නැති බවයි පෙනෙන්නේ. රට ගැන හැගීමක් නැති ගමේ බයියන්ට සජිත් දෙයිය. යමක් තේරෙන ය නම් කරුට කැමතියි. ඒ අනුව සමීක්ෂණය කරලා තියෙන්නේ නාගරික ප්‍රදේශ වල විතරයි.
Reply : 0 0
nimal Wednesday, 11 September 2019 12:18 PM
කරුට බැහැ. වයස විතරයි . අපට ඕන ධක්ෂ අලුත් විදිහට අවතීර්ණ වෙන්ඩ පුළුවන් නිර්භය නායකයෙක් . නිකම් බොරුවට මග නතරවෙන බස් වලට නගින්න එපා . හිතල හරි තැනට ජන්දේ දෙන්ඩ මිනිසුනේ
Reply : 0 2
Kumar Thursday, 12 September 2019 07:01 AM
ඒ කියන්නේ මහජනයාගේ මුදල් තමන්ගේ පුද්ගලික කටයුතුවලට පාවිචිකරන, සුදු වැන් සේවයක් ඉතා දක්ෂ ලෙස කලමනකරන්න හැකි, විවේචනය කරන අය අත්රුදහන් කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනෙ කියලද. ඔයගොල්ලන්ගේ වාසනාවට ඒ වගේ කෙනෙක් ඉදිරිපත්වෙලා ඉන්නවනෙ.
Reply : 0 0
Deepal Nirosh Thursday, 12 September 2019 05:45 AM
මේ සමීක්ෂන වාර්තාව නිවැරචි විශ්ලේෂණයක් ලෙස පිළිගත හැකියි. දැන් කළ යුත්තේ එජාපයෙන් මේ සමීත්ෂණ වාර්තාව පාදක කරගෙන අපේක්ෂකයා තේරීමේ දී නිවැරදි තීරණයට එළඹීමයි. ඒ වගේම ඉදිරිපත් වීමට අදහස් කර ඇති අනිකුත් සුළු පක්ෂවල අපේක්ෂකනුත් කළ යුත්තේ එජාප තෝරන අපේක්ෂකයාට සහාය ලබා දීමයි. 2015 දි ලත් ප්‍රතිඵලයට සම ප්‍රතිඵලයක් මෙවර දී ලද හැක්කේ එවිටයි.
Reply : 0 0
සෙනෙවි Thursday, 12 September 2019 08:42 PM
එහෙනං ගෝඨා වෙනුවට පබා දාමු
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd