වෛද්‍ය මුඛ ආවරණ මිලියනයක් ද ඇතුළුව රුසියාව විසින් කොරෝනා වෛරසය මැඬලීම සම්බන්ධ මානුෂීය ආධාර තොගයක් කියුබාවට යවා ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ජනාධිපති ව්ලැදිමීර් පූටින් ඒ සඳහා උපදෙස් ලබා දී තිබේ.
පසුගිය වසරේ කොරෝනා වෛරසයේ ආසාදන අඩු මට්ටමක පැවති කියුබාව, මේ සතිය මුලදී ලතින් ඇමරිකාවේ ඒක පුද්ගල ඉහළම බෝවීමේ අනුපාතය වාර්තා කළ රට බවට පත්ව තිබේ. මේ සමග එරට සෞඛ්‍ය ක්ෂේත්රය අඩාල වී ඇති අතර කොමියුනිස්ට් පාලනය යටතේ පවතින දූපතේ මේ මස මුලදී අතිශය දුර්ලභ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ පවා ඇති කිරීමට එය ඉවහල් විය.
ඒ අනුව වෛද්‍ය මුඛ ආවරණ මිලියනයකට අධික ප්‍රමාණයක් ඇතුළුව ආහාර සහ පුද්ගලික ආරක්ෂක උපකරණ ඇතුළු ටොන් 88ක ආධාර සහිත හමුදා ගුවන් යානා දෙකක් සෙනසුරාදා මොස්කව් අසල ගුවන් තොටුපලකින් පිටත්ව ගිය බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.