මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව සැක කෙරෙන 'කිඹුලා ඇළේ ගුණා' ඉන්දියාවේ චෙන්නායි නුවරදී චෙන්නායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම අවස්ථාවේදී ඔහු සමග ඔහුගේ පුත්‍රයා සහ පාතාල වෙඩික්කරුවෙකු ලෙස සැලකෙන 'බුම්මා' නැමති පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
කොළඹ නගර සභා පිටියේදී 1999 දෙසැම්බර් සම 18 වනදා පැවැති මහජන රැස්වීමකදී ජනාධිපති අපේක්ෂිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉලක්ක කරගනිමින් එල්ලවූ මරාගෙන මැරෙන කොටි ප්‍රහාරය සම්බන්ධයෙන් සිත්තයියා ගුණසේකරම් නොහොත් කිඹුලා ඇළේ ගුණා අත්අඩංගුවට ගැනීමට රහස් පොලීසිය සොයමින් සිටියදී ඔහු හොර රහසේ ඉන්දියාවට පළාගොස් තිබුණු බව බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත.