19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන කොමිසෂන් සභා බිහි කිරීමේ ප්‍රධානතම පරමාර්ථය මහජනතාවට සමීප මූලික ආයතන දේශපාලනයෙන් වියුක්තව කටයුතු කරන බවට තහවුරු කිරීම බව කථානායක කරු ජයසුරිය මහතා පැවසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ, අද (07දා) පස්වරුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
ස්වාධින කොමිෂන් සභා ඉදිරිපත් කර තිබූ වාර්ථා සහ ඒ ඒ කොමිෂන් සභාවල පැන නැගී ඇති පරිපාලනමය ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජනය විය.
විශේෂයෙන්ම ජාතික පොලිස් කොමිසන් සභාවේ සභාපතිවරයා සහ සියලු සාමාජිකයන්ද, පොලිස්පතිවරයාද කැඳවා එම දෙපාර්ශ්වය අතර කටයුතු කිරීමේදී මතුව ඇති ගැටලු පිළිබඳ පුළුල් ලෙස අවධානය යොමු කළ අතර, දැනට නොවිසඳී ඇති සියලු ගැටලු දින 14ක් තුළ සම්පූර්ණයෙන්ම නිරාකරණය කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස මෙහිදී ජාතික පොලිස් කොමිෂන් සභාවට සහ පොලිස්පතිවරයාට දැනුම්දෙනු ලැබිණි.
එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ නිල කාලය අවසන් වන ඒ ඒ ස්වාධීන කොමිෂන් සභාවන් සඳහා නව සාමාජිකයන් පත් කළ යුතු ආකාරය පිළිබඳවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී සාකච්ඡාවට භාජනය විය.