පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවල අනාවරණය වන කරුණු අධිකරණයේ සාක්ෂි ලෙස භාවිත කළ හැකි පරිදි පරීක්ෂණ කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත ඊයේ (22දා) පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත විය.
මේ අනුව විමර්ශන කොමිෂන් සභා වාර්තාවල අන්තර්ගත කරුණු ඇසුරින් අධිකරණයේ නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ පරීක්ෂණ කොමිෂන් සභාවට බලය පැවරේ.
මෙම පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීමේ විවාදය ඊයේ (22දා) පාර්ලිමේන්තුවේදී පැවැති අතර, පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කරමින් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසා සිටියේ, කොමිෂන් සභාවල අනාවරණය වන කරුණු සාක්ෂි ලෙස ගන්න පුළුවන් මේ සංශෝධන පනත් කෙටුම්ප සම්මත වීමෙන් පසුව. දේශපාලන කුමන්ත්‍රණය වුණේ නැති නම් මේ පනත මීට කලින් සම්මත කරගන්න තිබුණා.
අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය නිසා පසුගිය කාලයේ විශාල පිරිසක් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කර තිබෙනවා. මේ පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසුව පසුගිය ජනාධිපති කොමිෂන් සභා වාර්තා සම්බන්ධයෙනුත් නඩු පවරන්න පුළුවන්කම තිබෙනවා. කොමිෂන් සභා වාර්තාවල සාක්ෂි නඩු පැවරීමේදී සාක්ෂි ලෙස ගන්න පුළුවන්. අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවෙන් කරනු ලබන නියෝග අනුව මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සලකා බලන්න පුළුවන්. අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස පවත්වාගෙන යනවා* යනුවෙනි.