කාම්බෝජයේ බෝම්බ නිෂ්ක්රීය අංශ ප්රධානීන් පිරිසක් යාපනය මුහමාලෙයි ප්රදේශයේ බෝම්බ නිෂ්ක්රීය කිරීම් කටයුතු නිරීක්ෂණය වෙනුවෙන් ඊයේ (07දා) සහභාගි විය.
යුධ හමුදා ඉංජිනේරු බළකා බෝම්බ නිෂ්ක්රීය අංශ සාමාජිකයින් බෝම්බ නිෂ්ක්රීය කිරීම් සිදුකරන මුහමාලෙයි කිලාලි කලපුව ආසන්න ප්රදේශයේ බෝම්බ නිෂ්ක්රීය කටයුතු වෙනුවෙන් මෙම පිරිස සහභාගි වි ඇත.
පසුගිය යුධ සමයේ යුධ හමුදා හා එල් ටී ටි ඊ සංවිධානයේ ඉදිරි ආරක්ෂක වළලු යාපනය මුහමාලෙයි ප්රදේශයේ පැවතීම හේතුවෙන් අදාළ සීමාව තුළ අධික වශයෙන් බිම් බෝම්බ වළලා ඇති බවට ආරක්ෂක අංශ පවසති.
මෙරට සිදුවන බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු හා තාක්ෂණික යොදා ගැනීම් නිරීක්ෂණය කිරීම මෙම පිරිස විසින් සිදු කරනු ලැබීය. මෙම අවස්ථාවට යුධ හමුදා ඉංජිනේරු බළකා නිලධාරීන්, බෝම්බ නිෂ්ක්රීය අංශ ප්රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
වවුනියාව මාධව කුලසුරිය/මධුශංක අමරසිිංහ