වව්නියාව තාණ්ඩිකුලම් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක අපද්‍රව්‍ය බැහැර කෙරෙන වලකට වැටී නගරසභා සේවකයින් සිවු දෙනෙකු අද (25) දහවල් මිය ගොස් ඇති බවට වව්නියාව පොලීසිය පවසයි.
අද දහවල් වව්නියාව නගර සභාවේ සේවකයින් පිරිසක් විසින් අදාළ ගව ඝාතකාගාරයට ගොස් ඇත්තේ එහි අපද්‍රව්‍ය ඉවත් කිරීමට.
එහිදී අපද්‍රව්‍ය බැහැර කෙරෙන වලේ ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමට පෙර එක් නගර සභා සේවකයෙකු එම වලට ජලය දමා ඇති අතර එහිදී අදාළ වලෙන් කිසියම් විෂ දුමක් ආග්‍රහණය වීම හේතුවෙන් එම සේවකයා අපද්‍රව්‍ය බැහැර කෙරෙන වලට පළමුව වැටී ඇති අතර පසු වලට වැටුණු සේවකයා ගොඩට ගැනීමට උත්සාහ ගත් දෙවන සේවකයාද වැටී ඇති අතර ඔවුන් ගොඩට ගැනීමට උත්සාහ ගත් අනෙක් සේවකයින් දෙදෙනාද වලට වැටී විෂ දුම ආග්‍රහණය වීමෙන් මිය ගොස් ඇති බවට වව්නියාව පොලීසිය සැක පල කරයි.
වව්නියාව නගරසභාවේ ටෙන්ඩර් කැඳවා ක්‍රියාත්මක කෙරෙන අදාළ ගව ඝාතකාගාරය ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අයිති බවටද ප්‍රදේශවාසීන් පවසති.