වැලි ජාවාරමක් වැටලීමට ගොස් සිටියදී ටිපර් රථයකට යට කර ඝාතනය කරන ලද පොලිස් කොස්තාපල්වරයා පොලිස් සැරයන් තනතුරට උසස් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
“කොබෙයිගනේදී වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ වැටලීමක යෙදුණ පොලිස් කණ්ඩායමේ සිටි පොලිස් කොස්තාපල් රත්නායක මහතා රථයකට යටකර ඝාතනය කරනු ලැබුවා.
මෙම 32 හැවිරිදි පොලිස් නිලධාරියා වීර වික්‍රමාන්විතව කරන ලද රාජකාරිය වෙනුවෙන් ඔහු පොලිස් සැරයන් තනතුරට වහාම ක්‍රියාත්මක වන පරිදි උසස් කිරීමට පොලිස්පතිවරයා නියෝගකර තිබේ.
ඔහුගේ අවසන් කටයුතු ඉදිරි දිනකදි පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට නියමිතව තිබෙනවා”