ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතරත් ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී මත ගැටුමක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි. ඒ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ යෝජනාවක් සම්බන්ධයෙනි.
වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා යෝජනා කර ඇත්තේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය හරහා සංවර්ධනය කළ යුතු බවයි.
කෙසේ වෙතත් ජාත්‍යන්තර වෙළඳ හා උපාය මාර්ග සංවර්ධන අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහාය ඇතිව ගෙන ආ යෝජනාවකින් පවසා ඇත්තේ අදාළ සංවර්ධනය ඉන්දීය ආයෝජනයක් යටතේ සිදුකිරීමටයි.
කෙසේ වෙතත් මෙහිදී ජනපතිවරයා අග්‍රාමාත්‍යවරයාගේ යෝජනාවට විරුද්ධත්වය ප්‍රකාශ කර ඇති අතර මේ ආකාරයට වරායවල් බදු දීමට ගියගොත් අවසානයේදී ශ්‍රී ලංකාවට නැවක්වත් නවතා ගැනීමට තැනක් නැති වෙනු ඇතැයි පවසා තිබේ.
එසේම හම්බන්තොට වරාය බදු දීමෙන් අත්වූ සෙතන් නොමැති බවත් ඔහු පවසා ඇත. මේ අනුව අගමැතිවරයා හා ජනපතිවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිව තිබේ.
අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ කොළඹ වරායට පැමිණෙන නැව් බහුතරයක් ඉන්දියාවෙන් බැවින් ඉන්දියාව හරහා එය සංවර්ධනය කිරීම සුදුසු බවයි. එසේම මෙම ගටලුව තමන් ඉන්දීය අග්‍රාමාත්‍යරයා සමග සාකච්ඡා කර විසඳා ගන්නා බවත් ඔහු කොළඹ වරායේ නැගෙනහි පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් සංවර්ධනය කිරීමට විරුද්ධත්වයක් නොමැති බවත් සඳහන් කර තිබේ.